" මහ පාරේ යන හැම මිනිහෙකුටම කියන්න කතාවක් තියෙනවා!. නමුත් එව්වා අහන ඉන්න අය තමය් නැත්තේ !!", මේ මම නැරඹු කිසියම් සිංහල චිත්‍රපටයක ආරම්භක
මගේ කතාව කියන්නට යෑමෙන් පැනනැගිය හැකි ප්‍රශ්න සිත අවුල් කරවය්. එම නිසා හැම දෙයක්ම කීමටත් නොහැක. ජීව්තයේ අර්ධ ශතකය වෙත පැමිණ සිටින මාහට, මා මෙලොවින් තුරන් වූ දිනෙක හෝ කිසියම් කෙනෙකුට මා වැන්නකු මේ මිහිමත විසු බව වත් සලකුණු කරන්නටවත් මෙය ලියා තබන්නය් මගේ සිත කියයි. දැනට 84 වැනි වියේ පසුවන මගේ පියාගේ සිහි කල්පනාව මදය.පසුගිය වසරවල බෙහෙවින් ග්‍රන්ථ කරණයේ යෙදුන ඔහුගේ මෙම වෙනස සැබවින්ම ඛෙද ජනකය. එකම ප්‍රශ්නය ඔහු පුන පුනා, නැවත නැවත මගෙන් අසය්. " පුතා දැන් මොකද කරන්නේ? " ඔහු අසය්. මම එයට උත්තර දුන් පසුවද, විනාඩි 5 කට පසු යලිත් එයම ඔහු මගෙන් අසය්. දැනට මාස කිහිපයකට පෙර ඔහුට අතීතයේ සිදුවීම් හොඳින් මතක තිබුණි. දැන් දැන් එව්වාද අමතකය. 75 වන වියේ පසුවන මගේ මවද රෝගාතුරව වරින් වර රෝහල් ගත වෙමින් පසුවේ. ඇගේ සිහි කල්පනාවනම් තවම හොඳය. නමුත් යමක් ලිවීමට තරම් වත් ඇගේ ඇස් පෙනීම දුර්වලය. ඇය, ඇගේ මුතුන් මිත්තන් ගැන පොතක් ලියා මුද්‍රණ ගත කර ඇත. මෙව්වා දකින විට, මමත් ඒ තත්වයට පත්වන්නට කලින් මේ ජීවිත කතාවවත් ලියා තබනවානම් හොඳයි කියා මට සිතෙය්.
මගේ ජිවිත කතාව ලියා තැබිය යුතුයය් මට මුලින්ම සිතට ආවේ " සංහිඳ " රුපවාහිනී වැඩසටහන නැරඹීමෙන් පසුවය. මා ජීවිත කාලයක් ආදරය/අගය කල , කලා කරුවන් ගැන හරි විස්තර දැනගන්නට ලැබුනේ ඔවුන්ගේ මරණින් පසුවය. " අනේ මම මොවුන් ගැන මේ දේවල් මීට කලින් දැන සිටියානම්, මම මොවුන්ව මීටත් වඩා අගය කරනවා නේදය්" මට සිතුනු වාර අනන්තය. තවද තර්ස්ටන් විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) උගෙනිමින් සිටි අවදියේ එකම පන්තියේ උගෙනීම ලැබූ මගේ පාසල් මිත්‍ර, උපුල් තේනුවර ගේ BLOG එක කියවීමෙන් ද මා දිරිමත් විය.
මගේ කතාව, කොටසින් කොටස, මතු දින ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. BLOG එක නරඹන්නට එන උදවිය, ඒ පිළිබඳව , අදහස් දක්වා යන්නේ නම්, එය අගය කොට සලකමි.
- ජගත් (8/2/2012)
