ආරම්භ කර මාස 6 ක කාලයක් ඇතුලත ලොව සතර දෙසින් 2000 දෙනෙකු මෙම site
එකට පැමිණීම සතුට
දනවන්නකි. ලියනවයයි කියපු ජීවිත කතාව තවම නොලියන්නේ මන්ද කියා හුඟක් අයට සිතෙන්නට
පුළුවන.
එයට හේතු
රාශියකි. වැඩි වශයෙන්ම බලපාන්නේ මට ජුනි මස 25 වෙනිදා වනවිට භාරදිය යුතු (dead-line)
වචන 5000-7000 කටත් අතර විය
යුතු මගේ
පස්චාත් උපාධි ( MSc) ව්‍යාපෘතිය ( project
) එකය. තවද ,ජුනි 15 වැනිදා London
University of Westminster හි කථිකාචාර්ය
වරුන් සහ ශිෂ්‍යයින් පිරිසක් ඉදිරිපිට එය පිළිඹඳ දේශනයක් (presentation) දිය යුතුද වන්නේය. එයද
ඔලුව අවුල් කරවන කටයුත්තකි. එසේ හෙයින් ඔබලාගෙන් නොලිවීම ගැන සමාව යදිමි.ජුනි 25 වෙනිදායින් පසුව මට
කතාව ලිවීමට නිදහස ලැබෙනු ඇත.
මගේ ජීවිත
කතාවේ මට කියන්නට බොහෝ දේ ඇත. ශ්‍රී ලංකාවේ දී මෙන්ම, ලන්ඩනයේදීද අතිශය ජනප්‍රිය චරිත, ඉතා අහම්බෙන් මට මුණ
ගැසී ඇත. මින් සමහරෙකු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝය(celebrities). නිකම්ම අතට/ අත දී ,"hello
...how do you do ?" කියනවාට වඩා,
ඔවුන් සමග ඔවුන්ටද/
මටද මතක සිටින ලෙසින් කිසියම් සිදුවීමක් සිදුවී ඇති අවස්ථා එමටය. ඇත්තෙන්ම එම
හමුවීම් මටද පුදුම සහගතය. එව්වා ගැන මෙතෙක් කියා ඇත්තේ හිතවත්ම මිතුරන්ට පමණකි.
එව්වා හුදෙක් සිහින නොවේ. සැබෑ සිදුවීම්ය..!! එසේ හෙයින් එව්වා අනික් අය දැන සිටිය
යුතු යයි මට හැඟුනි.
වයසට
යන්ට/යන්ට මිනිසුන්ගේ ලැජ්ජා/ භය අඩු වෙනු මම
දැක ඇත්තෙමි. මටද එලෙස වෙමින් පවතිනවා විය හැක. ජීවත් වීමට ඇති කාලය කෙමෙන්
කෙටි වෙත්ම, "මොකටද ඉතින්
කිසි දේකට/ කාටවත් භය වෙලා !!" "කව්රු කොහොම හිතුවත් මට මොකෝ ?!!",
"කියන්න තියෙන
දේ කිව්වනම් ඉවරයි නේ!!" වැනි සිතුවිලි , සිත තුලට කිඳා බසී. නමුත් ශ්‍රේෂ්ට
ශිස්ටචාරයක ජාන මගේ ගතේ/සිතේ ඇති නිසා
සංස්කෘතික/ බොඋධාගමික පදනමක් මත, කියන දෙයක් කිව යුතුව ඇතැයි සිතේ.
තවද මට
මැනවින් පෙනී යන දෙයක් නම් ඇතැම් විශිෂ්ට කළා කරුවන් ඔවුන්ගේ රසිකයින් සමග සම්භන්ද
නොවීමයි. අන්තර් ජාලය මෙම සම්බන්දීකරණයට
ඉතා හොඳ මාධ්‍යයකි. Face Book
වැනි ස්ථාන වල
ඔවුන්ගේ වෙබ් අඩවි ඇතත්, ඔවුන් එව්වා
කියවනවාදවත් කියා සැක සහිතය. කොටින්ම කියතොත් මම
අවුරුදු 14 සිට වික්ටර්
රත්නායකයන්ගේ, ("ස" ප්‍රසංගය
දැනට 35 වතාවක්
නැරඹ ඇති) ,බලවත්ම
රසිකයෙකු වී සිටියෙමි. ඒ ගැන වැඩි විස්තර ඉදිරියට ජීවිත කතාවේ ලියන්නට බලාපොරොත්තු
වෙමි. නමුත් මගේ රසිකත්වය ඔහුට හෙළි
කරන්නට/ ඔහු සමග කතා කරන්නට වත් අවසථාවක් මට මුලින්ම උදාවුයේ, අහම්බෙන් 1981 දී ලන්ඩනයේ පැවැත්වූ "ස" ප්‍රසංගයේ
අත්වැල් ගායනයට මට උදාවූ අවස්ථා වේදී පමණි. තවද විශිෂ්ට කළා කරුවන් යනු ඉතාමත්
සංවේදී, ආර්ය
අශ්ටන්ගික මාර්ගයක ගමන් කරන පිරිසක් යයි සම්මතයක් තිබේ. මෙය බොහෝ විටම සත්‍යයකි.
ඔවුන් වේදිකාවේ දකින විට අප දකින ප්‍රතිමුර්තියද
එයයි. නමුත් ඔවුන්ද ඔබ/මම වැනිම,
ඕනෑ/එපා කම්, ආශා / නිරාෂා ඇති සාමාන්‍ය පුරවැසියන් බව හැඟෙන්නේ ඔවුන් හා එක්ව
කටයුතු කිරීමෙනි. තම රසිකයන් සමග සම්බන්ද වුනු තරමට, ඔවුන් ගේ හදවත් ගැහෙන රිද්මය හඳුනා ගත හැකි
වනු ඇත. එය රිද්මයට සරිලන ලෙස නිර්මාන ඉදිරිපත් කිරීමෙන් ඔවුන් තමන්ට තවත් ලංවනු
ඇත. රසිකයන් ඇද/බැඳ තබා ගැනීමේ රහස එයයි.
"මත්ස්යයෙකුට ජලය අවැසි ලෙස කළා
කරුවාට රසිකයන් අවැසි " බව පණ්ඩිත් අමරදේවයන් ප්‍රකාශ කර තිබුණි.
මම සැමදා
මිනිසුන් (රසිකයන්) අතර සිටින, සාමාන්‍ය
මිනිසෙකු (කළා කරුවෙකු) වීමට පෙරුම්
පුරමි. ඒ සඳහා මට ශක්තිය/ දහිරිය/ වාසනාව
ලැබේවා කියා පතමි. ඔබලාගේ බැඳීම මට සැමදා අවශ්‍ය වේ. මෙතෙක් මා හා
බැඳුනාට සදා ස්තුති වන්ත වෙමි ..!! ඔබ
සැමට ජය ...!!
ජගත් ජයතිලක
07/06/2012